Published
මෙරට රත්තරං මිල තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විශ්වාසය පළ කරනවා.
එහි වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යංශයේ සහකාර අධ්යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ අමෙරිකාවේ ආර්ථික ප්රතිපත්ති මත ලෝක වෙළඳපොළේ රත්තරං මිල වෙනස් වනු ඇති බවයි.
රත්තරං මිල ඉහළ ගියද රත්තරං සඳහා වන ඉල්ලුම වැඩි වෙමින් ඇති බවද ඔහු කියා සිටියා.
ලෝක වෙළෙඳපොළේ රත්රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්රං මිල ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල ඊයේ දිනයේ රුපියල් තුන් ලක්ෂ 79,200ක සීමාවට පැමිණියා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් හාර ලක්ෂ 10,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.