රත්නපුර දිස්ත්‍රිකයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැරණියගල ආසනයේ ජනතාවට සිදුව ඇති මහජන පීඩාවක් පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණු අනාවරණ කරනවා

පදිංචිකරුවන් විශාල පිරිසක් සිටින ගම්මානයක් තුළ පවත්වාගෙන යන කුකුළු ගොවිපළක් නිසා දැඩි මහජන පීඩාවක් ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.

අපහසුතාවන් ඉවසාගෙන සිටියද එයින් ශරීර සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑමට වගකියන්නේ කවුරුන්ද වගකිවයුතු බලධාරීන් ස්ථානීය පරීක්ෂණ සිදු කළත් ගඳ සුවඳ නොදැනෙන්නේ ද යන්න ගම්වාසීන්ට ගැටළුවක්

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.