රත්මලාන, ගොළුමඩම ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තැබූ සුදු පැහැති වෑන් රථයේ රියදුරා බීමතින් සිට ඇති බව අනාවරණ වී තිබෙනවා.
පිළියන්දල, සුවාරපොළ ප්‍රදේශයේදී පොලිස් කණ්ඩායමක් විසින් ධාවනය වෙමින් තිබූ එම වෑන් රථය නතර කරන ලෙසට සංඥා කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
කෙසේවෙතත් පොලිස් අණ නොතකා එම වෑන් රථය ධාවනය කර තිබෙනවා.
ඒ, මාර්ගයේ ගමන් ගත් තවත් වාහන කිහිපයක්ද අනතුරට ලක් කරමින්.
කෙසේවෙතත් රත්මලාන ගොළුමඩම මංසන්ධියේදී වෑන් රථය පසුපස ලුහුබැඳි නිලධාරීන් විසින් එහි ටයර දෙකකට වෙඩි තබා තිබෙනවා.
ඒ අනුව බියට පත්ව ඇති අදාළ රියදුරා වෑන් රථය නතර කර පැන යාමට උත්සහ කිරීමේදී ඇදවැටී අනතුරට ලක්ව ඇති බවද පොලීසිය පැවසුවා.
ඒ අනුව සුළු තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර තිබෙනවා.
අදාළ රියදුරා සංචාරක මඟ පෙන්වන්නෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.




