Published
යාපනයේ චාවකච්චේරී නගර සභා බල ප්‍රදේශය තුළ අවමංගල උත්සව වලදී හා වෙනත් උත්සව වලදී රතිඤ්ඤා දැල්වීම 25 දා සිට තහනම් කොට තිබෙනවා.
චාවකච්චේරී නගර සභාව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ රතිඤ්ඤා දල්වන පිරිස් කිසිදු ඉවක් බවක් නොමැතිව රතිඤ්ඤා දල්වා මහමගට හා වෙළද සැල් දෙසට විසි කිරීම නිසා හදිසි ගිණි ගැනීම් කීපයක්ම පසුගිය කාලයේදී සිදු වීම ගැන සලකා බැලීමෙන් පසුවයි.
එසේම නගරය ආසන්නයේ ජීවත් වන හදවත් රෝගීන් හා සෙසු රෝගීන්ටද පාසල් වල අධ්‍යාපන කටයුතු වලටද මෙම රතිඤ්ඤා දැල්වීම නිසා අපහසුකම් හා අවහිරතා රැසකට මුහුණ දෙන්නට සිදුව ඇති බවද චාවාකච්චේරී නගර සභාව පෙන්වා දෙනු ලබනවා.
නගර සභාව විසින් ගන්නා ලද තීරණය මේ වන විට පොලීසියට හා අනෙකුත් බලධාරීන්ට දැණුම් දී ඇති අතර නගර සභාවේ මේ තීරණය කඩ කොට රතිඤ්ඤා දල්වන පිරිස අත් අඩංගුවට ගන්නා ලෙසද නගර සභාවෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.




