Published
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක රංවල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී උණුසුම් සංවාද ඇති වුණා.
එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෙම සිද්ධියේදී කිසියම් පාර්ශවයක් අතින් වරදක් සිදුව ඇත්නම් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බවයි.
කෙසේවෙතත් මෙම සිද්ධියේදී පොලීසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.
මේ අතර දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ලද අනතුරු ඇඟවීම් පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කෙරුණා.




