කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාරිය ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහාධිකරණ අද නියම කළා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින්.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශාඛා අයිරාංගනී විරකෝන් නමැති සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කෙරුණා.

ඒ අනුව අදාළ සැකකාරිය රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය විසිපහ බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද ඉකුත්දා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබුණා.