හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද අදහස් පළ කළා. ඒ මාධ්‍ය හමුවක් කැඳවමින්. එහිදී ඔහු පැවසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවයි.

මේ පිළිබඳ තවත් තොරතුරු වෙත් නිවුස් ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න.