රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව පිළිබඳ විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ වන විට යළි ආරම්භ වී තිබෙනවා. කෙසේවෙතත් වෛද්‍ය නිර්දේශ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය වෙත අද දිනයේ ඉදිරිපත් කෙරුණේ නැහැ. එම නඩු කටයුත්ත විභාගයට ගැනෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දේශපාලඥයින් විශාල පිරිසක් පැමිණ සිටින අතර අධිකරණ සංකීර්ණයෙන් පිටත ප්‍රදේශයේ මහා සංඝ රත්නය ඇතුළු තවත් විශාල පිරිසක් රැඳී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.