ඇප ලබා සිටියද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට ඇප ලැබී ඔහුට රෝහලෙන් පිටව යාමට හැකිව තිබුණද රෝගී තත්ත්වය සලකා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ සිටින බවයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ රැඳී සිටිනවාද යන්න ඔහුගේ සහ පවුලේ තීරණය මත සිදුවනු ඇති බවයි.

පවතින රෝගී තත්ත්වය සැලකීමේදී හිටපු ජනාධිපතිවරයාට ශල්‍යකර්මයක් කිරීමට සිදු වනු ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා පැවසුවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.