හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදු වන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. ඔහු පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් නිරීක්‍ෂණය කරමින් සිටින බවයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති වී තිබූ විජලන තත්ත්වය තවදුරටත් පවතින බවයි ඔහු සඳහන් කළේ. ඔහුට තවත් දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදු වන බවද කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසීම සඳහා අදත් දේශපාලඥයින් රැසක් කොළඹ ජාතික රෝහලට පැමිණියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීමෙන් පසුව මෙලෙස අදහස් පළ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 22වනදායි. ඒ, ඔහු සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයට අදාළවයි.