හිටපු අටවෙනි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ නිකුත් කළ බව කියන මත්පැන්හල් බලපත්‍ර ලැයිස්තුවක් නීත්‍යානුකූල බවට මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා දිවරුම් ප‍්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් යු ටියුබ් වීඩියෝවක් නිකුත් කරමින් වරුණ රාජපක්‍ෂ මහතා සඳහන් කර සිටියේ මෙම බලපත්‍ර ලබා දීම ඉතාම නීත්‍යානුකූලව සිදු කර ඇති බවත්, එම ලබා දීම නිවැරදි බවයි.

තවද, ආණ්ඩුව ඉල්ලා සිටින්නේ මෙම නඩුවේ ඇති චෝදනා හැකි ඉක්මනින් ඉවත් කර දමා, එම බලපත්‍රවලට ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත්න නඩුවේ සාක්‍ෂිකරුවෙකු ලෙස නම් කර ඇති වසන්ත සමරසිංහ මහතා සහ බලපත්‍ර ලැබුණු බව කියූ දේශපාලඥයෙක් ද උසාවියට පැමිණ නැති බවයි වාර්තා වන්නේ