රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසීම සඳහා දේශපාලඥයින් අද පෙරවරුවේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණෙමින් සිටිනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එලෙස පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පැමිණ තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, ජේ.සී. අලවතුවල, මුජිබර් රහුමාන්, සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහලෙන් පිටතට පැමිණි විපක්ෂ නායාකවරයා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.