Published
විපක්ෂයෙව් දේශපාලන පක්ෂවල ප්‍රබලයින් රැසක් අද දහවල් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට එක්වී සාකච්ඡාවක නිරත වුනා. රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධටයන් සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, රවී කරුණානායක, කබීර් හෂීම්, කාවින්ද ජයවර්ධන, පී දිගම්බරම් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, ජී එල් පීරිස්, වජිර අබේවර්ධන, සාගල රත්නායක සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාද එහිදී අදහස් පළ කළා. මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙලෙස අදහස් පළ කළා.