එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද උදෑසන අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. මෙම අවස්ථාවේදී රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබිණි. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පතා අබේවර්ධන මහතා ඇතුළු ඒ මහතාගේ පවුලේ අය විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සංවිධානය කර තිබූ සතර දොර කිරි ඉතිරවීමේ පූජාවටද සම්බන්ධ විණි.