අද උදෑසන රුවන්වැල්ල කිරි පෝරුව වතුයායේ රබර් කිරි පිරිසිදු කිරීමේ යන්ත්‍ර හතරෙන් එක් යන්ත්‍රයක ඇතිවූ දෝෂයකින් එම යන්ත්‍රය පුපුරා ගොස් තිබෙනවා.

එම පුපුරා යාමෙන් වයස 25 අවිවාහක තරුණයෙකු එම ස්ථානයේ දීම මියගොස් තිබෙනවා.

තවද එහි සේවය කරන සේවකයන් තිදෙනෙක් තුවාල ලබා කරවනැල්ල රෝහල වෙත ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ස්ථානිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණය රුවන්වැල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.