වවුනියාව හොරොව්පතාන පාරේ රම්බෙයිකුලම් ගම්මානයේ ළිදක තිබී ටී -56 වර්ගයේ ගිණි අවි දෙක හා පතරොම් 500ක් හමුවී තිබෙනවා.

මෙම ගිණි අවි දෙක හා පතරොම් ප්‍රමාණය වසර විස්සකට වඩා පැරණි ඒවා බව වවුනියා පොලීසිය සඳහන් කර සිටියේ

රම්බෙයිකුලම ප්‍රදේශයේ ඉඩම් හිමියෙකු සිය ළිද සුද්ධ පවිත්‍ර කිරීමට ගිය අවස්ථාවේදී ළිදෙන් මෙම ගිණි අවි දෙක හා පතරොම් හමු වීමෙන් පසුව ඔහු ඒ බව වවුනියාව පොලීසිය වෙත දැණුම් දී තිබෙනවා

වවුනියාව පොලීසියේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අදාල ස්ථානයට ගොස් එම ස්වයංක්‍රීය ගිණි අවි දෙක හා පතරොම් පන්සීයකට ආසන්න ප්‍රමාණය ගොඩ ගෙන සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී අත්තේ ඒවා වසර විස්සකට වඩා වැඩි කාලයක් පරණ හා එම කාලය තුළ එම ළිදේ මේ ද්‍රව්‍ය තිබූ බවයි.

ඒ අනුව වවුනියාව පොලීසිය එම ගිණි අවි හා පතරොම් පුපුරවා විනාශ කිරීම පිණිස අධිකරණ නියෝගයක් ඉල්ලා තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ