Published
නිවැරදි දේශපාලනය හමුවේ ඩීල් දේශපාලනය තවදුරටත් වලංගු නොවන බව කොළඹ මහ නගර සභාවේ පුරපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් නැවත වරක් තහවුරු වූ බව ජාතික ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ ජාතික විධායක කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ අදාළ ඡන්ද විමසීමේදී වෙනත් පක්ෂවල සහය ලබා ගැනීමට මුදල් ලබා දුන් බවට විපක්ෂය සිය පක්ෂයට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
කොළඹ නගරය ආසියාවේ අලංකාරවත්ම නගරයක් බවට පත් කිරීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙහිදී කියා සිටියා.