Published
රාජ්‍ය ආයතන හතරක සභාපතිවරු ලෙස පත්කරන ලද නිලධාරීන් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ එම කාරක සභාව ඉකුත් දා අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි. ඒ අනුව සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සෝමසිරි ඒකනායක මහතා පත් කිරීමට කාරක සභා අනුමැතිය හිමිව තිබෙනවා.
එමෙන්ම ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස බී. ඒ. පී. කේ. ආර් බමුණු ආරච්චි, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස එම්. ආර්. එච් ස්වර්ණතිලක සහ පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපතිවරයා ලෙස එස්. නේසරාජන් යන මහත්වරුන්ගේ පත්කිරීම්වලටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.