ආපදාවට ලක්වූ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පද්ධති පිළිසකර කිරීම සහ දඹුල්ල රෝහල වෙනත් ස්ථානයක ස්ථාපිත කරමින් එය වඩා පහසුකම් සහිත රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
ඊට අවශ්‍ය විධිමත් සැලැස්මක් සහ ප්‍රතිපාදන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ.
ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම පිළිබඳ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළා.
ආපදාව හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ හානිය පත්වූ මාර්ග කඩිනමින් පිළිසකර කර ජනතාව වෙනුවෙන් විවෘත කිරීමේ වැඩපිලිවෙල පිළිබඳව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී නිලධාරින් සමග සාකච්ඡා කළා.
මාතලේ දිස්ත්‍රික්කයේ බිඳ වැටුණු ජල සැපයුම යථාවත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා.



