Published
ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායන් 33ක් අදියර දෙකක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
පාසල්වල 05, 06 ශ්‍රේණි හැර 02 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාලව මෙතෙක් නිකුත් කර ඇති චක්‍රලේඛ අවලංගු කර නව චක්‍රලේඛ නිකුත් කිරීමට ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.