මැයි මස 30 වනදා මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ.

මේ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා.