උත්සව සමය වෙනුවෙන් රුපියල් 4,000කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් රාජ්‍ය නිලධාරීන්ට ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

අදාල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බව සඳහන්.

උත්සව සමය වෙනුවෙන් සෑම වසරකම රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම අත්තිකාරම් මුදල් ලබාදී සිදුවනවා.

ඒ අනුව රුපියල් 4,000කට නොවැඩි එම අත්තිකාරම් ගෙවීම සෑම වර්ෂයකම ජනවාරි මස පළමුවන දිනෙන් ආරම්භ කර එම වර්ෂයේ පෙබරවාරි මස අවසාන දිනයෙන් අවසන් කළ යුතුයි.

සියයට 8ක වාර්ෂික පොලියක් සහිතව, සමාන මාසික කොටස් දහයකින් එම අත්තිකාරම් මුදල අය කරගත යුතු බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කළ එම චක්‍රලේඛයේ සඳහන්.