Published
රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා දේශපාලන පත්කිරීම් සිදු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවන බව සමගි ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක චරිත් අබේසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය සඳහා වත්මන් පාලකයින් දේශපාලන පත් කිරීමක් සිදු කර ඇති බවයි.
දේශපාලන පත්කිරීම් සිදු නොකරන බවට බලයට පැමිණීමට පෙර ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ බවද චරිත් අබේසිංහ මහතා එහිදී කියා සිටියා.