රාජ්‍ය සේවයේ බදවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩලය කළමණාකරණය කිරීම සදහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ අනුව රාජ්‍ය සේවයේ පුරප්පාඩු 2,284 ක් සදහා නව බදවා ගැනීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින්.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.

මේ අතර පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 2,891 දෙනෙකුට, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 1,350 දෙනෙකුට ස්කූටර් සහ යතුරු පැදි ලබාදීම ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා වාහන මිලදී ගැනීමේ යෝජනාවකටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.