රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් අද පැවැත්වුණා.
ඒ, අරලියගහ මන්දිරයේදීයි.
‘AI For Transforming Public Service’ යන මැයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුවට ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් එක්ව තිබෙනවා.
රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා එහිදී ආරම්භක දේශනය සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන මහතාද එහිදී දේශනයක් සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරුන් එම වැඩමුළුවේදී ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව දැනුවත් කිරීම් සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.