රාජාංගණය ජලාශයේ සහ අංගමුව වැවේ වාන් දොරටු කිහිපයක් අද පස්වරුවේ විවෘත කර තිබෙනවා.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් අධික ජල මට්ටම පාලනය කිරීමේ අරමුණින් මෙම වාන් දොරටු විවෘත කර ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ

ඒ අනුව, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4ක් සහ අංගමුව වැවේ වාන් දොරටු 2ක් දැනට විවෘත කර තිබෙනවා.

එමෙන්ම මෙම ජලාශවලින් කළු ඔය වෙත ජලය මුදා හැරීම හේතුවෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාව ඉතා අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

,