Published
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට රැගෙන ආ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ, පැය 05ක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඉකුත් 29 වනදායි. සැකකරු අද දින අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින්ට නියෝග කර තිබුණා.