2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මස 29 වන දා යළි කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත අගෝස්තු මස 29 වනදා කැඳවන ලෙස නියම කළා.
2014 අගෝස්තු මස 01 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය “සී ගල්ෆ් යූ කේ” නමැති පුද්ගලික සමාගමකට බදු දීමේදී රජයට ත පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.