රාත්‍රී කාලයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන බස් රථ ඇතුලු සියලුම වාහනවල රියදුරන්ගේ විඩාව නිවා යහපත් මානසිකත්වයෙන් රිය ධාවනය කිරිමට නියමු ව්‍යාපෘතියක් සිදු කර තිබෙනවා. ඒ, ඊයේ රාත්‍රී වටවල පොලිසිය ඉදිරිපිටදීයි. එහිදී වටවල පොලිසියේ සියලුම නිළධාරින් එක්ව පොලිසිය ඉදිරිපිටින් ධාවනය වන වාහන නතර කර එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් කැඳවා තේ පැන් සංග්‍රහයක් ලබා දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහිදී රියදුරන්ගේ මානසිකත්වය යහපත් තත්වයක තබා ගැනිමට තේ පැන් සංග්‍රහය බුක්ති විදින තෙක් හාස්‍ය රසය උපදවන කෙටි වීඩියෝපටද ප්‍රදර්ශණය කර තිබෙනවා. ඊට සමගාමීව හැටන් කොළඹ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ග අධික බෑවුම් සහ වංගු සහිත මාර්ග බැවින් එම මාර්ගවල වාහනය ධාවනය කිරිමේදි වඩාත් සැලකිලිමත් වන ලෙසටද වටවල පොලිසියේ නිළධාරින් විසින් රියදුරන්ව දැනුවත් කළ බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
Published