කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද දිනයේත් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඉදල්ගස්හින්න සහ ඔහිය දුම්රිය ස්ථාන අතරදී පසුගිය 18වනදා පීලිපැනීමකට ලක්වුණා.

ඒ, දුම්රිය මාර්ගයට පස් කන්දක් සමග ගල් පෙරළීම හේතුවෙන්.

ඒ අනුව එම මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඊයේ දිනයේ ද එම රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කෙරුණා.

මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට නානුඔය දක්වා සහ බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා තවදුරටත් සීමාකර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.