ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වරාය අධිකාරියේ කම්කරු රැකිවක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් දෙලක්ෂ හතළිස් පන්දහසක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.

රැකියාව ලබාදීම සඳහා අල්ලස් ලෙස රුපියල් ලක්ෂ පහක මුදලක් අවශ්‍ය බව එම සැකකරුවන් දෙදෙනා අදාළ පුද්ගලයාට පවසා ඇති අතර ඒ සඳහා පළමුව රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක් ලබාදෙන ලෙසටත් ඉතිරි මුදල් රැකියාව ලැබුණු පසු ලබාදෙන ලෙසත් පවසා තිබෙනවා.