ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ තැපැල් වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ, තැපැල් අමාත්‍යංශ ලේකම්වරයා සමග ලබන සතියේ සාකච්ඡාවක් ලබාදෙන බවට දුන් පොරොන්දුව මතයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.ඒ.ආර්. නිහාල් මහතා සඳහන් කළේ තම ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා තැපැල්පතිවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක නොවූ බවයි.

ඔහු සඳහන් කළේ ලබන 21 වනදා පැවැත්වෙන සාකච්ඡාවේදී නිසි විසඳුමක් නොලැබුනහොත් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.

කෙසේවෙතත් තැපැල් වෘත්තීය සමිති ඉල්ලා සිටින ඉල්ලීම් ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින පසුබිමක මෙවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සාධාරණ නොවන බවයි විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.