චීනයේ ෂැංහයි නුවර පැවති 27 වන ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සම්මාන හිමි කර ගත් කලාකරුවන් යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
මෙම සම්මාන උළෙල ඉකුත් 15 වනදා සිට 22 වනදා දක්වා චීනයේ ෂැංහයි නුවරදී පවත්වා තිබෙනවා.
එහිදී “රිවස්ටන්” චිත්රපටයෙහි විශිෂ්ඨතම තිර රචනය සහ විශිෂ්ඨතම කැමරා අධ්‍යක්ෂණය සදහා වූ සම්මාන ද්විත්වය හිමි කර ගැනීමට ලලිත් රත්නායක සහ ප්‍රභාත් රෝෂන් යන කලාකරුවන් දෙදෙනා සමත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
රිවස්ටන් චිත්‍රපටයේ තිර රචනය සිදු කළේ ලලිත් රත්නායක මහතා වන අතර කැමරා අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රභාත් රෝෂන් මහතායි.
මෙම චිත්‍රපට උළෙලේ සම්මාන ද්විත්වයක් හිමි කර ගත් එකම චිත්‍රපටය රිවස්ටන් චිත්‍රපටය වීමද විශේෂත්වයක්.