Published
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර ‘නේචරබ් ගෲප් ඔෆ් කම්පැනීස්’ වෙතින් රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත එම ආයතනයේ සභාපති තිස්ස ඉලේපෙරුම මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එම අවස්ථාවට එහි කළමනාකාර අධ්‍යක්ෂකවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවා.




