කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරික්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව එම විනය පරික්ෂණය සිදු කරන බවයි.