රන් බිස්කට් තොගයක් තම දෙකකුළෙහි සගවා ගෙන කටුනායකට ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි, කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්. ඔහු කැරට් 24 ගුණාත්මක අගයකින් යුතු රන් බිස්කට් 51ක් තම දෙකකුළෙහි විශේෂ වෙළුම් පටිවලින් ඔතා, ඒවා යළි සිය මේස්වලින් වසා ගෙන, කටුනායක ගුවන් තොටුපොළ කාර්යය පිටව යාමට ඇති විශේෂ කවුළුවෙන් පිට වී යමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස සොයා ගත් රන් බිස්කට්වල වටිනාකම රුපියල් විසි එක් කෝටියකට අධික බවටයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් ආරක්ෂක නිලධාරියා 54 හැවිරිදි මීගමුව, කඳවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන්නෙක් බවට අනාවරණ වී තිබෙනවා.
මෙම රන් බිස්කට්, කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 941ක බරකින් යුතු අතර මේවා කිසියම් පුද්ගලයෙකු මොහුට ගුවන් තොටුපොළෙන් පිට කර දීම සදහා භාර දෙන්නට ඇතැයි ද එසේම මොහු දිගු කළක් තිස්සේ මෙම ජාවාරම කර ගෙන යන්නට ඇතැයි ද රේගු නිලධාරීන් සැක පළ කරනවා.
Published