තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී මහා පරිමාණයේ ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගංජා හෙනේ ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් රැසක් තිබී ඇති අතර එවායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බව පොලිසිය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කර ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.