Published
රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ දැවැන්ත ප්‍රහාර හමුවේ පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.
එහිදී තවත් පුද්ගලයින් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා 400කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල 40කට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇති බවද රුසියානු ආරක්‍ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.
රුසියාව මෙවැනි දැවැන්ත ප්‍රහාරයක් යුක්‍රේනයට එල්ල කළේ, යුක්‍රේනය විසින් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර දින කිහිපයකට පසුවයි.
රුසියානු ආරක්‍ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ කියෙව් පාලනයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.