රුසියානු වෙරළ තීරය ආශ්‍රිතව හටගත් රිච්ටර් මාපකයේ ඒකක 8යි දශම 7ක දැවැන්ත භූමිකම්පාවේ බලපෑම ජපානය සහ අමෙරිකාවට ද දැනී තිබෙනවා.

මීට නොබෝ වේලාවකට පෙර නිකුත් වූ විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපානය සහ අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීම් පවා මේ වන විට නිකුත් කර ඇති බවයි.

ජපානයේ හොක්කයිඩෝ සිට කියුෂු දක්වා වෙරළබඩ ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ජපානයේ අනෙකුත් ප්‍රදේශවලට පහළ මට්ටමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයට, ඇලස්කාව, හවායි හා ගුවාම් ආශ්‍රිත ප්‍රදේශවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.