රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි අතර හමුවක් ඉදිරි සති දෙක ඇතුළත සිදුවනු ඇති බව ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා නායකයින් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. යුක්‍රේන ජනාධිපතිවරයා ද සහභාගී වූ එම සාකච්ඡාවේ අරමුණ වූයේ යුක්‍රේන යුද්ධය නතර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි. මෙම සාකච්ඡාවට බි්‍රතාන්‍ය, ප්‍රංශය, ෆින්ලන්තය, ඉතාලිය, ජර්මනිය යන රටවල නායකයින් මෙන්ම යුරෝපා කොමිසමේ සහ නේටෝ සංවිධානයේ ප්‍රධානීන් ද සහභාගී වුණා. යුක්‍රේන යුද්ධය නතර කිරීම සම්බන්ධයෙන් රුසියානු හා යුක්‍රේන ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණා. එම සාකච්ඡාව පැවැත්වෙන කාල වකවානුව සම්බන්ධයෙන් එහිදී නිශ්චිත අදහසක් ප්‍රකාශ වී තිබුණේ නැහැ. යුක්‍රේන - රුසියා ජනාධිපතිවරුන් දෙපලගේ හමුව දෙසතියක් තුළ සිදුවනු ඇති බව ජර්මානු චාන්සලර්වරයා පවසා ඇත්තේ එවන් පසුබිමක් තුළයි. කෙසේවෙතත් එම සාකච්ඡා පැවැත්වෙන ස්ථානයක් සම්බන්ධයෙන් එහිදී තොරතුරු අනාවරණය කර නැහැ.
Published