රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට රික්ටර් මාපකයේ 7.4 ක් සහ ඒ අසලම 6.7 ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පා දෙකක් හටගෙන තිබෙනවා.

එම භූ කම්පනය කිලෝමීටර් 20 ක් ගැඹුරින් සිදු වූ අතර එය 180,000 ක ජනගහනයක් සිටිනපෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි නගරයට නැගෙනහිරින් කිලෝමීටර් 144 ක් දුරින් සිදු වි තිබෙන බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

එම භූමිකම්පා දෙකකින් පසු පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවදානම් අනාවැකියක් නිකුත් කර තිබෙනවා.

පළමු භූ කම්පනයෙන් පසු සුනාමි රළ ඇතිවීමේ අවදානම අඩි 3.3 දක්වා රළ ඇතිවිය හැකි බව සඳහන් කළ නමුත් දෙවන භූමිකම්පාවෙන් පසු රුසියාවේ හදිසි අවස්ථා අමාත්‍යාංශය ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර වෙරළබඩ ජනාවාසවල පදිංචිකරුවන්ට වෙරළෙන් ඈත්ව සිටින ලෙස ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තාවී නොමැත.