රුසියාවේ නොවොකුයිබයි ෂෙව්ස්ක් ප්‍රදේශයේ පිහිටි තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරවලට යුක්‍රේනය වගකිව යුතු බවයි රුසියාව චෝදනා කරන්නේ. ඩ්‍රෝන යානයේ සුන්බුන් තෙල් පිරිපහදු සංකීර්ණයේ ගැටීමෙන් එහි ගින්නක්ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 127 දෙනෙකු යොදවා ඇති අතර මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බවයි වාර්තා වන්නේ. එම ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් කිසිදු ජිවිත හානියක් වාර්තා වී නැහැ. ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනය පවසන්නේ රුසියවේ තෙල් පිරිපහදු, ගුවන් තොටුපළක් සහ කර්මාන්තශාලාවක් ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාර සිදු කළ බවයි. ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් සෝචි ගුවන් තොටුපළේ ගුවන් ගමන්ද තාවකාලිකව අත්හිටුවීමට එරට රජය පියවර ගනු ලැබූ බවද විදෙස් මාධ්‍ය පැවසුවා.
Published