ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේතුමන් ලෙස ගරු ආරච්චිගේ තිලිණ මධුසංඛ මැතිතුමා පත්වීමෙන් පසුව කතරගම ශ්‍රී අභිනවරාම විහාරස්ථානයේ විහාරාධිපති,රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමියන්ගේ මුලිකත්වයෙන් ආශිර්වාද පින්කමක් නව බස්නායක නිලමේතුමන් හට ආශිර්වාද කිරීමට පවත්වා තිබෙනවා.

මේ සදහා තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තර පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, සෙල්ල කතරගම මහසෙන් රාජමහා විහාරාධිපති වැල්ලවාය පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පුජ්‍ය පඩව්ගම ජිනානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ඓතිහාසික වැඩ සිටිකන්ද රජ මහා විහාරාධිපති හීල්ලේ ඥානානන්ද නාහිමි පාලටුව බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය ගැටමානේ ගුනානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ රුහුණ විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අංශයේ ප්‍රධානී කතරගම අභිනවාරාම විහාරවාසී අචාර්‍ය පූජ්‍ය කොග්ගල්ලේ විජිත හිමි ඇතුලු මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සිදු කෙරුණි.

පසුව රුහුණු මහා කතරගම දේවාලයේ අභිනව බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුසංක මැතිතුමා පුජා භූමියේ සියලු දේවාල වෙත ගොස් ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.