Published
ලොව ජනප්‍රිය රෙගේ සම්ප්‍රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඒ, මෙරට ප්‍රසංගයක් පැවැත්වීම සඳහායි.
බොබ් මාලේගෙන් පසුව රෙගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් සිටින ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයා වන්නේ ඇල්ෆා බ්ලොන්ඩියි.
ඔහු සිය පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු ද සමග අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඇල්ෆා බ්ලොන්ඩි ලබන 19 වන දින සවස කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇල්ෆා බ්ලොන්ඩි ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපොළේ දී උසස් අන්දමින් පිළිගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.