ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා රෝහල්වල ප්‍රතිකාර ලබා දීමට අමතරව ඉන් බාහිරව විශාල් වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

මෙරට රෝහල්වල ප්‍රතිකාර සඳහා වැඩිම පිරිසක් ඇතුළත් වන්නේ හදිසි අනතුරු හේතුවෙන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අදින් ආරම්භ වූ ජාතික අනතුරු නිවාරණ සතියේ සමාරම්භය වෙනුවෙන් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රෝහල්ගත වන ප්‍රමාණය අඩු කරගැනීම තුළින් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය වැඩි කරගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ 10ක පමණ පිරිසක් හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා.