Published
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවට සිට පොතුහැර දක්වා කොටසේ ඉදිකිරීම් එළඹෙන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
ඒ, ජාතික ගමනා ගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා කල්බදු පදනම යටතේ අලුතින් ගුවන් යානයක් ලබා ගත්තේ මාසිකව අමෙරිකානු ඩොලර් දෙලක්ෂ හැත්තෑ පන්දහසක මුදලකට බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
මේ අතර ඊයේ දිනයේ මෙරටට ළඟා වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව ගුවන් යානය කොපමණ පැරණි එකක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මෙහිදී විමසා සිටියා.
සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.