‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට සහනාධාර රැගෙන යාමට පාකිස්ථාන ගුවන් යානාවලට සිය ගුවන් අවකාශය හරහා පියාසර කිරීමට අවසර ලබාදී ඇති බව ඉන්දීය රජය යළි අවධාරණය කර තිබෙනවා.
ඒ, එවැනි අවසරයක් පාකිස්ථානය විසින් ඉල්ලා සිටියද ඉන්දීය රජය ඒ සඳහා අවසර ලබාදී නොමැති බවට පාකිස්ථාන මාධ්‍ය මඟින් පළ කර ඇති වාර්තාවලට ප්‍රතිචාර දක්වමින්.
ඒ අනුව තම ගුවන් අවකාශය භාවිත කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ඇති බවට පාකිස්ථාන මාධ්‍යවල පළව ඇති පුවත පදනම් විරහිත හා නොමඟ යවන ප්‍රකාශයක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඉන්දීය බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.
සිය ගුවන් අවකාශය හරහා පියාසර කිරීමට පාකිස්ථානය විසින් ඊයේ පස්වරු 01.00ට පමණ ඉල්ලීමක් ඉදිරිපත් කළ බව ඉන්දීය බලධාරින් තහවුරු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදීම සඳහා කළ එම ඉල්ලීමේ අරමුණ සැලකිල්ලට ගනිමින් ඒ සඳහා කඩිනමින් අවසර ලබාදුන් බවයි ඉන්දීය රජය පවසන්නේ.
එම අවසරය නිල වශයෙන් පාකිස්ථාන රජයට දැනුම්දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
එම අවසරය ලබාදී ඇත්තේ මානුෂීය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බවද ඉන්දීය බලධාරින් අවධාරණය කර තිබෙනවා.



