Published
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියේ සිම්බාබ්වේට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකාව සමත් වී තිබෙනවා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අසනීප වීම හේතුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි වූ හිටපු නායක දසුන් ශානක සිය කණ්ඩායම සමග පිටියට පිවිසියා.
තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහරදෙන සිම්බාව්වේ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටිනවා.




