2025 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඉන්දීය කන්ඩායමට වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දී ඇත්තේ පළමුවරට වීම විශේෂත්වයක්.

ඉන්දීය කණ්ඩායමේ සංචිතගත ක්‍රීකඩයින්ට හෝ අයි පී එල් තරඟාවලියට ක්‍රීඩා කරන කිසිදු ක්‍රීඩකයෙකුට ලෝකයේ වෙනත් ලීග් ක්‍රිකට් තරඟ සඳහා සහභාගි වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් අවසර ලබා දී තිබුණේ නැහැ.

කෙසේවෙතත් 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරහුරුැවක් ලෙස මෙවර එල් පී එල් තරඟාවලියට ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමටයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ.