අනීතික බඳවා ගැනීම් අවලංගු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයින් සමග අරගලයකට එක් වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එම් ඩී ආර් අතුල මහතා පැවසුවේ සුදුසුකම් සහිත නිලධාරීන් ලංකා විදුලිබල මණ්ඩලය සතුව තිබියදී එම මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ දරුවන් සහ හිතවතුන් බඳවා ගැනීමට පරිපලනය කටයුතු කරමින් සිටින බවයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම් ඩී ආර් අතුල මහතා එම අදහස් පළ කළා.